Home_si | constitutional reforms
යහපත් හෙට දවසක් සඳහා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට

දායකවමු

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම සඳහා කමිටුවක්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය තුළින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා විසින් පත් කර ඇත. කමිටු සාමාජිකයන් දේශපාලන පක්ෂ විසින් නම් කර ඇති අතර, සිවිල් සමාජය නියෝජනය කිරීමටද, සාමාජිකයන් තෝරා පත් කර ඇත. පහත සඳහන් පුද්ගලයන් මෙම කමිටුවට පත් කර ඇත.


  • 1. ලාල් විජේනායක මහතා - සභාපති
  • 2. වින්ස්ටන් පතිරාජා මහතා - ලේකම්
  • 3. ෆයිස් මුස්තාපා මහතා - සාමාජික
  • 4. මහාචාර්ය ගාමිණි සමරනායක මහතා - සාමාජික
  • 5. මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර මහතා - සාමාජික
  • 6. මහචාර්ය එම්.එල්.ඒ.කාදර් මහතා - සාමාජික
  • 7. ඒන් සෙල්වකුමාරන් මහතා - සාමාජික
  • 8. ගරු එස් තේවරාජා මහතා - සාමාජික
  • 9. කුෂාන් ද අල්විස් මහතා - සාමාජික
  • 10. ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය - සාමාජික
  • 11. ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා - සාමාජික
  • 12. සුනිල් ජයරත්න මහතා - සාමාජික
  • 13. ආචාර්ය උපුල් අබේරත්න මහතා - සාමාජික
  • 14. තේමිය හුරුල්ලේ මහතා - සාමාජික
  • 15. ආචාර්ය එස්.විජේසන්දිරන් - සාමාජික
  • 16. එම්.වයි.එම්.ෆායිස් මහතා - සාමාජික
  • 17. එම්.කේ.නදීකා දමයන්ති මිය - සාමාජික
  • 18. කාන්ති රණසිංහ මිය - සාමාජික
  • 19. එස්.සි.සි.එලංගකෝවන් මහතා - සාමාජික
  • 20. සිරිමසිරි හපුආරච්චි මහතා - සාමාජික

කමිටුවේ කාර්යභාරය

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ වාචික සහ ලිඛිත යෝජනා මහජනයාගෙන් ලබා ගැනීමට මෙම කමිටුවට නිර්දේශ කර ඇත. එම යෝජනා සලකා බලා කමිටුව විසින්  ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ අනුකමිටුවට නිර්දේශ ද ඇතුළත් වාර්තාවක් භාරදෙනු ලැබේ. මෙම වාර්තාවට ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් මත පදනම් වූ යෝජනා ද ඇතුළත් වනු ඇත.


මහජන යෝජනා ලබා දිය හැක්කේ කෙසේද?

වෙබ් අඩවියේ සඳහන් වීඇති මාතෘකා අනුව ඕනෑම පුරවැසියෙකුට හෝ සංවිධානයකට යෝජනා ඉදිරිපත් කළ හැක. එම යෝජනා පහත සඳහන් අයුරින් කමිටුවට ඉදිරිපත් කළ හැක.

  • 1. වෙබ් අඩවියේ වම්පස ඇති සම්බන්ධයන් මගින්
  • 2. ඊ-මේල්, ෆැක්ස් හෝ තැපෑල මගින් (පහත සඳහන් ලිපිනයට)
    සභාපති
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබ‍ඳ
    මහජන අදහස් විමසීමේ කමිටුව
    ලේකම් කාර්යාලය
    විසුම්පාය
    කොළඹ 02
  • 3. ලිඛිත සාරංශයක් සමග, කමිටු සැසිවාරයක් තුළ වාචිකව (කමිටු සැසිවාර පිළිබඳ විස්තර බලන්න)

කමිටු සැසිවාර

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස්  විමසීමේ කමිටුව සැසිවාර දිවයිනපුරා පවත්වනු ඇත. එම සැසිවාර පිළිබඳ විස්තර මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක.

කමිටු සැසිවාරයකට සහභාගීවීමට කැමති පුද්ගලයන්/සංවිධාන කමිටු කාර්යාලයට සම්බන්ධ වී කලින් වේලාවක් වෙන්කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. කමිටු කාර්යාලය, පහත සඳහන් ආකාරයට ඇමතීමට හැක.

දුරකථන        -  (011) 243 7676
ෆැක්ස්  -  (011) 232 8780
විද්‍යුත් තැපෑල -  constitutionalreforms@gmail.com
වෙබ්   අඩවිය -  yourconstitution.lk

වාචිකව යෝජනා කමිටු සැසිවාරයක් තුළ ලබාදීමේදි අනවශ්‍ය ලෙස කාලය ගත කිරීමෙන් වැළැකීමට කල්තබා අවස්ථාවක් ලබාගැනීම වඩාත් උචිත බව කරුණාවෙන් සලකන්න.

ලැබෙන සියලුම වාචික හා ලිඛිත යෝජනා කමිටුව විසින් හොඳින් සලකා බලනු ඇත. සියලු යෝජනා වාර්තාගත වෙනු ඇත.

කමිටු සැසිවාර මහජනයාට සහ මාධ්‍යයට විවෘත බව සලකන්න.


ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස්  විමසීමේ කමිටු වාර්තාව

මහජනයා විසින් ලබාදෙන සියලු යෝජනා විශ්ලේෂණය කොට කමිටුවේ නිර්දේශද ඇතුළත් වාර්තාවක් කමිටුව විසින් පිළියෙල කරනු ඇත. මෙම වාර්තාව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට භාර දෙනු ඇත.

මෙම වාර්තාව මහජනයාට ද ලබාගත හැකි වනු ඇත.

 

Awareness

Contact

Mailing Address

Public Representations Committee on Constitutional Reforms
Visumpaya,
Colombo 02.
Sri Lanka.

Contact Numbers

  +94 (112) 437676
  Fax : +94 (112) 328780
  e-mail : constitutionalreforms@gmail.com